October 26, 2021

Ada Rata

All news in one location

බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?


May 15, 2021 at 1:20 pm | lanka C news

බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?

නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙත ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුල මේ වන විට මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24ක් ක්‍රියාත්මක වේ.

එම සමාගම්වල නිෂ්පාදන ධාරිතාව රටේ මත්පැන් පරිභෝජනය කරන්නන්ගේ අවශ්‍යතාවයටත් වඩා අතිරික්තයක් වන තවත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමට සූදානම් වන්නේ එවන් පසුබිමකය.

ලංකාවතුල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සහිත සමාගම් 24 ක් ක්‍රියාත්මක වුවත් රජයට වාර්ෂිකව ලැබෙන සුරාබදු ආදායමෙන් වැඩිහ කොටසක් ගෙවන්නේ බලපත්‍රලාභී සමාගම් කිහිපයක් පමණි.

අනෙකුත් බලපත්‍රලාභී සමාගම් සුරාබදු ආදායම් වශෙන් රජයට ලැබෙන්නේ සුළු ප්‍රතිශතයකි.

3,228 views



Source link