October 28, 2021

Ada Rata

All news in one location

බිඳ වැටුණු ඉරානයට නව නායකයෙකු තෝරාගැනීම ඇරඹෙයි


ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

එරට වේලාවෙන් උදෑසන 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම, රාත්‍රී 7 30 ට අවසන් වීමට නියමිතයි.

ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 60 ක්.

මෙවර ඉරාන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 4 දෙනෙකු තරග වදිනවා.

ඡන්ද ප්‍රතිඵල හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දරිද්‍රතාවය, විරැකියා මෙන්ම දිනෙන් දින බිඳ වැටෙන ආර්ථිකයත් සමඟ ඉරානය ප්‍රබල අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමකදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙනවා.

ඉරාන මාධ්‍ය පවසන්නේ මෙවරත් නුසුදුසු පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් එරට ජනතාව තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උද්යෝගයක් නොමැති බවයි. (colombotimes.lk)



Source link