October 17, 2021

Ada Rata

All news in one location

බිඳ වැටී ඇති දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට විද්‍යුත් නාලිකා යොදගන්නැයි මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලයි



කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදු වීම නිසා මාස 15කට අසන්න කාලයක් දරුවන්ගේ  නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර ඊට විසඳුමක් ලෙස රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය යොදා ගෙන ඊට වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Online ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට උත්සහ දරමින් සිටියද දුරකත පහසුකම් නොමැතිකම,පරිගණක පහසුකම් නොමැතිකම මෙන්ම දුරකථන සමාගම් විසින් රටම ආවරණය වන ලෙස සංඥා කුළුණු සවිකර නොතිබීම යන ප්‍රශ්න හේතුවෙන් මෙන්ම පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබෙන බව එම ලිපිය හරහා මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.  

පවතින මෙම තත්ත්වය මත රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා රටේ භූමි ප්‍රදේශයෙන් 90%කට වඩා ආවරණය වී පැවතීම නිසා ඒ හරහා අධ්‍යාපන කටයුතු මෙහෙයවීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. 




Source link