October 18, 2021

Ada Rata

All news in one location

බැසිල්ගේ මූලිකත්වයෙන් රට වසා දැමීමේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී


රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පවත්වා තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

එහිදී ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.





Source link