October 26, 2021

Ada Rata

All news in one location

බැදුම්කර අරක්කුවලට යලි අවසර.. බදු ගෙවිම් සහනයකුත් දෙයි..


July 2, 2021 at 10:00 am | lanka C news

බැදුම්කර අරක්කුවලට යලි අවසර.. බදු ගෙවිම් සහනයකුත් දෙයි..

රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය ඊයේ (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවැසීය.

බදු පැහැර හැරීම ​හේතුවෙන් 2018 වර්ෂය ආරම්භයේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටවනු ලැබූ අතර එම හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය.

‘‘අපි ඔවුන්ට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසර දුන්නා. ඒ අය හිඟ බදු මුදල් ගෙවීමට එකඟ වුණා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමගත් සාකච්ඡා කරලා මේ අවසරය ලබා දුන්නා. සමාගම ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන පනහක හිඟ බදු අපිට ගෙව්වා. සම්පූර්ණ හිඟ මුදල වසර දෙකක් ඇතුළත ගෙවන්න තමයි එකඟතාවට ඇවිත් තියෙන්නේ. තවත් සති තුනක් ඇතුළත තවත් රුපියල් මිලියන පනහක් ගෙවීමට නියමිතයි.’’ යැයි පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමාගමේ හිඟ මුදල අය කර ගැනීමේ වෙනත් ක්‍රමයක් නොමැති බවත් මෙලෙස එකඟතාවකට පැමිණ නිෂ්පාදන අවසරය යළි ලබා දුන් බව වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna

2,169 views



Source link