December 4, 2021

Ada Rata

All news in one location

බාල වයස්කාර දැරියන් තිදෙනෙක් අතුරුදන්


කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචි බාල වයස්කාර ගැහැණු දරුවන් තුන්දෙනෙකු නිවසින් අතුරුදන්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ බව කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා.

වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල එම ගැහැණු දරුවන් තිදෙනෙක් මෙසේ අතුරුදහන් වී තිබෙනවා.

ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන්.

සිද්ධිය පිළිබඳව පොලිසිය ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.

දැරියන් පිළිබඳව ඊයේ (08) දින පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරියේ දී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link