December 4, 2021

Ada Rata

All news in one location

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජනපති අතර හමුවක්


ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ මහකොමසාරිස්වරිය වන සාරා හාල්ටන් (sarah hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද හමුවක් පැවැත් වුණා.

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි තමාගේ ප්‍රසාදය පළ කරන බවත් එම ක්‍රියාවලියට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට අදහස් කරන බවත් ඇය ජනාධිපතිවරයා සමඟ ප්‍රකාශ කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සාගරය ආශ්‍රිත පරිසරයට සිදුවී ඇති හානිය අධ්‍යයනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට තමා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහ මහකොමසාරිස්වරිය ගෙන් ඉල්ලීමක් සිදු කළා.

ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු මෙම හමුවේදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉදිරියේදී ජිනීවා යෝජනාව සහ ඉඩම් ගැටලුව විසඳීම සම්බන්ධව ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ගෙන ඇති වැඩ පිළිවෙල පැහැදිලි කළා.(Colombotimes.lk)



Source link