December 4, 2021

Ada Rata

All news in one location

බස් රථයක් පෙරළෙයි


දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේයේ තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී අද (09) දහවල් බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් කුඹුරකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබුණි.

එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

බස් රථයේ තිබූ ගෙවීගිය ටයර් හේතුවෙන් වර්ෂාවත් සමග එය ලිස්සා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1

අවුල් වගේ !
1

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
4

මලපනිනව !
2

කුජීතයි !
0





Source link