October 26, 2021

Ada Rata

All news in one location

බස් දෙකකින් මිලියන 400 ක ආදායමක් හොයන රත්තරං ඇමති!



අල්ලස් ගැනීම්, මුල්‍ය වංචා, හෙළිකළ නොහැකි ආකාරයෙන් මුදල් උපයා ගැනීම් වැනි චෝදනා මත මෙන්ම, අපරාධ චෝදනා මතද පසුගිය යහපාලන රජය සමයේදී නඩු විශාල ප්‍රමාණයක් ගොනුකර තිබිණි. ඉන් බහුතරයක් අල්ල්ස‍් හෝ දූෂණ විමර්ශන‍ කොමිසම මගින් ගොනුකළ ඒවාය.

කෙසේ නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම නඩු බහුතරයක් ඉවත දැමීමට අධිකරණය තීරණය කළ අතර චූදිතයන් නිදහස් කෙරිණි. මෙසේ නඩු ඉවත දැමීමට හේතු වූයේ අදාල නඩු ගොනු කිරීමේදී සිදුව ඇති තාක්ෂණික අඩුපාඩුය. අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු බහුතරයක් ඉවත දැමීමට හේතුව ලෙස සඳහන්ව තිබුණේ අදාල නඩු පැවරීමේදී කොමිසමේ සාමාජිකයන් සියලු දෙනාගේ අනුමැතිය ලබාගෙන නොතිබීමයි.

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.

රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය.

මෙම අල්ලස් නඩුවේදී අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටියේ අත්දැකීම් බහුල ජනාධිපති නීතිඥව‍රයෙකි.

මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති නීතිඥවරයා රෝහිත අබේගුණවර්ධන මහතාගෙන්, මෙම මිලියන 400 උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු විමසා තිබෙනවා. මන්ද කාට බොරු කීවද නීතිඥයන්ට බොරු කියා නඩු ජයග්‍රහණය කළ නොහැකි බැවිනි.

ඉන්පසුව නීතිඥවරයා, ‘දැං එතකොට අපි මේ වත්කම් හොයාගත්තෙ කොහොමද කියලා අධිකරණයට කියන්න ඕන නේ, මොකද්ද ඇමතිතුමා අපි උසාවියට කියන්නෙ’ යනුවෙන් විමසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත අබේගුණවර්ධන මහතා, ‘නීතිඥතුමා, මට බස් දෙකක්ම තියනවා නේ, අපිට බැරිද ඒ බස් දෙකෙන් තමයි මේ මිලියන 400 හම්බ කර ගත්තෙ කියලා කියන්න’ යැයි ප්‍රති ප්‍රශ්නයක් යොමුකර තිබේ.

අබේගුණවර්ධන මහතාගේ මෙම ප්‍රශ්නය අසා සිටි ජනාධිපති නීතිඥවරයාට සිතුනේ කුමක්දැයි දන්නේ ඔහුම පමණි.

කෙසේ නමුත් අවසානයේදී අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ගැලවීමට රෝහිත අබේගුණවර්ධන මහතා සමත් වූ අතර ඒ සඳහා පිහිටට ආවේ අල්ලස් කොමිසමේ නිළධාරීන් සහ නාගයෙකි.

අන්තිමේදී නාගයා රෝහිත අබේගුණවර්ධන මහතාට දෂ්ට කරන විට නඩුව මරණයට පත් විය.




Source link