October 18, 2021

Ada Rata

All news in one location

බස්නාහිර වයස 30ට වැඩි සියලු දෙනාට අද සිට කොවිඩ් එන්නත


බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන තිස්පහකදී කොවිඩ් එන්නත ලබා දීමට කොවිඩ් කමිටුව ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම එන්නත්කරණ වැඩසටහන අද (11 වැනිදා) සිට ක්‍රියාත්මකයි.

එහි දී දිනකට එන්නත් විසිපන්දාහක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක තුන සඳහා දිස්ත්‍රික්කයකට එන්නත් ලබාදෙන ස්ථාන දහය බැගින් වෙන් කර එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කොවිඩ් කමිටුව උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව කොළඹ නගර සභා සීමාවට අයත් කොම්පඤ්ඤ වීදිය නාගරික බෙහෙත් ශාලාව, වැල්ලවත්ත පොදු වෙළෙඳ සංකීර්ණය, ඛෙත්තාරාම පන්සල, නිව් බසාරි මාතෘ නිවාසය, මුගලන් පාර සිතුමිණ මධ්‍යස්ථානය යන මධ්‍යස්ථාන පහේදී නාගරික ප්‍රදේශ ජනතාවට එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මාර්ගයෙන් මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර අවශ්‍යතාව අනුව සෞඛ්‍ය අංශවලට හමුදාවේ සහායද ලබා දීමට නියමිතයි.

අඛණ්ඩව මෙම එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා එන්නත් ලබා දීමට රුසියාව හා චීනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එකඟතාව පළකර ඇති බව කොවිඩ් කමිටුවේ දී අනාවරණය වුණා. (Colombo Times)



Source link