October 28, 2021

Ada Rata

All news in one location

බස්නාහිරට පසුව එන්නත්කරණය මහනුවර, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කවලට



බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩපිළිවෙල ඉදිරියේදී මහනුරව, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කරන බව සෞඛ්‍ය අමාතය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. එම දිස්ත්‍රික්කවල පළමුව තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවල ජනතාවට ඉදිරියේදී එන්නත්කරණය සිදු කරන බවයි ඇමතිවරිය පවසන්නේ.

මේ වනවිට බස්නාහිර පළාත තුළ මධ්‍යස්ථාන 50 කට වැඩි ප්‍රමාණයකදී එන්නත්කරණය සිදු කරන අතර පළමු වටයේ එන්නත් ලබාදීම දැනටමත් සැළකිය යුතු ප්‍රමාණයකට අවසන් කර තිබෙනවා.

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 13 ඉක්මවන ප්‍රමාණයකට කොවිඩ් එන්නත් ලබාදීමට රජයේ ප්‍රධාන සැළසුම බවයි ඇමතිවරිය පවසන්නේ. චීන සයිනොෆාම් එන්නත දැනට භාවිතා කරන අතර ඉදිරිය්දී රුසියානු ස්පුට්නික් එන්නත මෙන්ම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ අර්බුදයට තවමත් විසඳුමක් සොය ගැනීමට සමත් වී නොමැත. පසුගියදා වාර්තා වූයේ අවශ්‍ය එන්නත් මාත්‍රා ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමගම සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

UN




Source link