December 4, 2021

Ada Rata

All news in one location

බලපොරොත්තු වූ දේ මගෙන් වුණේ නැත්නම් පරණ අය ගෙන්න එපා.අලුත් කණ්ඩායමක් සොයා ගන්න



තමන්ගෙන් මෙන්ම තම රජයේ සෙසු ඇමතිවරු මන්ත්‍රීවරු වෙතින්  ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැතිනම් පරණ කණ්ඩායම නැවත බලයට පත්කරනොගෙන අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාව අමතමිනි. 

පසුගිය වසර 05ක පාලනය ආසාර්ථක වූ නිසා තමන් බලයට පත් වූ අතර දැන් එම කණ්ඩායම පැමිණ කිසි දෙයක් සිදුව නැති අයුරින් කතා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.  

 ”දැන් අවුරුදු දෙකයි. ගිය අවුරුදු 05ක් පාලනය කරලා ආසාර්ථක වුණ නිසානේ මම මෙතනට පත් වුණේ. හැබැයි ඒ අය අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා අද කිසිම බලයක් තිබුන ණෙ නැති අය වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනේ ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වුණ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ නැහැ කොහොමද කරන්නේ කියල. අපි එක්කහු වෙලා හොඳ දෙයක් කරනවා නම් ඒකට සියලු දෙනාම එකතු වෙලා රට වෙනුවෙන් අපි කරන්නට ඕනේ. විරුද්ධ පක්ෂයක් කියන්නේ ඒකයි. මම නම් බලාපොරොත්තු වෙන්නේ.”  

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙන නමුත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් එමඟින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි  බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ.  

ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්ෂය අවබෝධ කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ASK




Source link