October 27, 2021

Ada Rata

All news in one location

බය වෙන්න එපා යල කන්නයට අවශ්‍ය පොහොර අපි ලඟ තියනවා



යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ‍රසායනික පොහොර තොග දැනටමත් ගෙන්වා අවසන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යල කන්නයේ ඉල්ලුමට සරිලන පොහොර මෙට්‍රික් ටොන් 385,000 ක් මේ වනවිටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇති බවයි ඇමතිවරයා අද (12) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ නිසා පොහොර සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බව අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.

වී ගොවිතැන හැ‍ර සෙසු වගාවන් සඳහා අවශ්‍ය පොහොරවල යම් හිගයක් පැවතියද එම හිගය පියවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN




Source link