October 28, 2021

Ada Rata

All news in one location

පෝට් සිටි පනතේ විවාදයට බදූර්දීන් පාර්ලිමේන්තුවට කැඳවීමට කථානායක තීරණය කරයි



මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, රිෂාඩ් බදූර්දීන් මහතාව කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ. 

ඒ අනුව රැස්වීම් සඳහා සහභාගී වීමට බදූර්දීන් මහතා එකඟ වන්නේ නම් ඒ මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත. 

එසේම මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රේමලාල් ජයසේකර මහතාව ද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්. 

හෙට (18) දිනයේදී කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඊළඟ දින දෙකේදී ඒ පිළිබඳව විවාද කර ඡන්ද විමසීමට නියමිතව ඇත. 

RN




Source link