October 28, 2021

Ada Rata

All news in one location

පොහොර තහනමෙන් රට තුන් බිය අවධානමකට



රසායනික පොහොර තහනම් කිරීමේ ක්ෂණික තීන්දුව නිසා රටතුළ තුන් බියක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (10) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව  ගනු ලැබූ ක්ෂණික තීන්දුව හේතුකොට ගෙන රටේ සමස්ත ගොවි ජනතාවත් පොදුවේ මුළු මහත් ජනතාවත් බරපතල පීඩාවකට ලක්වන බවත්,මෙය ආණ්ඩුව විසින් ගනු ලැබූ අත්තනෝමතික අඥාන තීන්දුවක් බවත් විපක්ෂ නායකයා කියාසිටියේය. 
 
කාබනික පොහොර භාවිතය ක්ෂණිකව කළ හැක්කක් නොවන අතර  ක්‍රමානුකූලව කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාව යොමුකර, එය සාර්ථක වූ පසු රසායනික පොහොර නවතා දැමීම ප්‍රායෝගික බවයි ඔහු සඳහන් කළේ.   

එතෙක් ගුණාත්මක රසායනික පොහොර සහනාධාරය ලබා දිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පවසන ලදී. 

කොරොනා ව්‍යසනය හේතුකොටගෙන බරපතළ පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති ජනතාව ආණ්ඩුවේ මේ අත්තනෝමතික තීන්දුව හේතුවෙන් කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත් වන බවත් ආණ්ඩුව විසින් ගනු ලබන මෙම තීන්දු හේතුකොටගෙන ඉතාම බරපතළ ආර්ථික හා ආහාරමය අහේනියක් කටපුරා ඇතිවිය හැකි බවත් ඒ තත්ත්වය ඇතිවන්නට පෙර මෙම අදූරදර්ශී තීන්දුව ආපසු හරවා පොහොර  තහනම ඉවත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. 

ASK




Source link