November 29, 2021

Ada Rata

All news in one location

පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..


October 17, 2021 at 1:20 pm | lanka C news

පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..

එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එලවළු වගා ගොවින් , ගොවි සංවිධාන සහ ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව (17) දින උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලට එක් වු ප්‍රදේශයේ ගොවි සංවිධාන, එහි සමාජිකයන් , නුවරඑලිය ව්‍යාපාරික ප්‍රජාව , ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව ප්‍රධාන තැපැල් කාර්යාලය අසල උද්ඝෝෂණය පවත්වා පසුව නුවරඑලිය නගරයේ විරෝධතා පෙලපාලියකද නිරත විය.

නුවරඑලිය එලවළු ගොවින්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් උද්ඝෝෂණය පැවැත් වු පැයකට ආසන්න කලායක් වෙලදසැල් වසා දමා උද්ඝෝෂණයට සහය දැක් විටම කටයුතු කලහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලිය ගොවි සංවිධාන සමාජිකයන් සහ ගොවින් කියා සිටියේ කාලයක් තිස්සේ තමන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් එලවළු වගාව සාර්ථකව සිදුකරගෙන පැමිණි බවයි.

තම වගාවන්ට  අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විමෙන් එලවළු වගාවේ ඵලදාව අඩු වි ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

නුවරඑලිය එලවළු වගා ගොවින්ට රසායනික පොහොර සහ කෘෂි රසායනික දව්‍ය ලබාදෙන ලෙසත්, එසේ රසායනික පොහොර ලබාදිමට නොහැකි නම් ආනයනික පොහොර ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලියේ එලවළු  රජයෙන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,368 views



Source link