October 20, 2021

Ada Rata

All news in one location

පොහොට්ටුව අධිපති මතවාදයක..


April 11, 2021 at 10:00 am |

පොහොට්ටුව අධිපති මතවාදයක..- දයාසිරිගෙන් පහරක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධිපති මතවාදය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට මෙම සියලූ පක්ෂ මහන්සි වූ බවත් මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගන්නත් ඔවුන්ගේ ශක්තිය වැදගත් වූ බවත් ඇමැතිවරයා පැවසීය.

නමුත් ඉන්පසු අද ලැබෙන සැලකිලි පිළිබඳව සෑහීමකට පත් නොවන බවද පැවසූ ඔහු මෙය විසදෙන තුරු තමන් මේ බව ‍ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේය.

මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දී පැවති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

156 views



Source link