January 25, 2022

Ada Rata

All news in one location

පොහොට්ටුවේ යෝජනාවට විමල්ලා බියවෙයි. අපේක්ෂකයින් තිදෙනාගේ ක්‍රමයට මාරාන්තික විරෝධයක්



ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් පක්ෂයකින් එක් එක් කොට්ඨාශය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට විමල් වීරවංශ මහතාගේ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ සුළු සුළු පක්ෂ ඉතාම දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් එක්ව තරග වැදීමේදී ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවේ අපේක්ෂකයා වැඩි ඡන්ද ලබාගෙන කුඩා පක්ෂවල අපේක්ෂකයින් පරාජයට පත්වීම ස්වභාවිකය. විශේෂයෙන්ම කුඩා පක්ෂවලට ජාතික තලයේ මිස ප්‍රාදේශීය තලයේ නායකයින් හෝ සාමාජිකයින් නොමැති බැවින් මෙම තත්වය අනිවාර්යය වේ. 

එසේ වෙතත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සුළු පක්ෂ නායකයින් ජාතික දේශපාලනය තුළ පාරම්බාමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව බිහි කළේ තමන් විසින් බවටත් 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ තමන්ගේ නායකත්වය අනුව බවටත්ය. එවන් තත්වයක් තුළ පළාත් සභා මැතිවරණයේදී ඉහත කී ක්‍රමවේදය ක්‍රියාත්මක වුවහොත් විමල්ලාට කිසිදු ඡන්ද පදනමක් නොමැති බව ජනතාව හමුවේ හෙළිදරව් වීම වැළැක්විය නොහේ. 

ඒ අනුව ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ එක් පක්ෂයකට එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයකට ගොස් මහමැතිවරණයෙන් තමන් දිනාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවට සාපේක්ෂව ඒ ඒ පළාත් සභාව සඳහා අපේක්ෂකයින් සංඛ්‍යාවක් ලබාගෙන ප්‍රධාන පක්ෂයේ ඡන්දවලින් තමන්ගේ අපේක්ෂකයින් දිනවා ගැනීමටය. එවිට මහපොළවේ නොමැති විශාල ඡන්ද පදනමක් තමන්ගේ කුඩා පක්ෂවලට ඇතැයි පෙන්වීමට ඔවුන්ට හැකියාව ලැබේ. 

එහෙයින් දැනටමත් ආණ්ඩුවත් සමග නොසතුටින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තමන්ගේ ගොඩට දමාගෙන පොහොට්ටුවට බලපෑම් කරමින් අපේක්ෂකයින් තිදෙනාගේ යෝජනාව කෙසේ හෝ පරාජය කරවීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් මෙම තීරණාත්මක ප්‍රශ්නයේදීත් පියවරක් පසුපසට ගැනීමට පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදු වුවහොත් ඉදිරි වසර හතරම කුඩා පක්ෂවලට අවශ්‍ය ආකාරයට නැටවෙමින් පියවරෙන් පියවර පසුපසට ගොස් තාප්පයටම හේත්තු වීමටත් ඊළඟ මහ මැතිවරණයෙන් පැරදී ගෙදර යෑමටත් හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතිරි නොවනු ඇතිය යන්න පොහොට්ටුවේ සාමාජිකත්වයෙහි අදහස වී ඇති බවත් වාර්තා විය. 




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq