October 28, 2021

Ada Rata

All news in one location

පොසොන් සතියක් ප්‍රකාශයට පත් කරයි


අද සිට ලබන 27 වැනිදා දක්වා ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, ලොව සැමදෙනා සුවපත් වේවා යන තේමාවෙන්.

පොසොන් සතිය තුළදි මිහින්තලා පුදබිමේ රතන සූත්‍ර දේශනාවක් පවත්වනු ලබන්නේ විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ විසින්.

මෙවර මිහින්තලා පොසොන් අලෝක පූජාව 23, 24 සහ 25 යන දිනවල පැවැත්වෙනවා.

රාජ්‍ය පොසොන් උත්සවය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ රාජ්‍ය නායකයින් ඒ සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට නියමිතයි.(colombotimes.lk)



Source link