October 20, 2021

Ada Rata

All news in one location

පොලිසියේ යට කලිසම ජනතාව ඉදිරියේ නොගැලවිය යුතුය


ශ්‍රී ලංකා පොලීසිය මහජන මුදලින් නඩත්තුවන ආයතනයකි. එහි ප්‍රමුඛ කාර්යය වන්නේ නීතිය හා සාමය හා නීතියේ ආධිපත්‍ය රැකීමයි. නීතියේ ආධිපත්‍යය යනු සියල්ලට ඉහළින් නීතිය ක්‍රියාත්මක විය යුතුය යන අදහසයි.

වරෙක එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් දක්වමින් කියා සිටින්නේ තමන් තවත් වරක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට කැමති බවත් ජනතාව තමන්ව නැවත ජනාධිපති ලෙස පත් කිරීමට කැමැත්තෙන් සිටින බව පෙනුනත් රටේ නිතිය අනුව දෙවාරයකට පමණක් ජනාධිපති ලෙස පත්වීමට තම රටේ ඇති නීතිය සියල්ලට ඉහළින් ඇති නිසා තමන්ට විශ්‍රාම ගැනීමට සිදුවන බවයි. ඔහු කියන්නේ ජනාධිපති වුවත් නීතියට පහළින් ජිවත්වන බවයි.

නමුත් ජනතා මුදලින් වැටුප් ලබන ලංකාවේ පොලීසය අහිංසක අම්මා කෙනෙකු සිය මුහුණු වැස්ම භාගෙට පැළඳගෙන සිටින බව කියා පොලීසියට කුදලා ගන යද්දී, මුව ආවරණයක් නොමැතිව ජනතාව එක්රැස්කමින් සංවිධානය කර ඇති උත්සවයකට පැමිණෙන අගමැති බිරිඳට ආරක්ෂාව සළසමින් ගමන් කරයි.

යුක්තිය එය ඇත්තේ කොතැනකද අගමැති බිරිඳ ඉදිරියේ නැවෙන කොන්දක් පොලීසියට උරුම විය යුතු නැත. අගමැති හෝ ඔහුගේ බිරිඳ පොලිසියට වැටුප් ගෙවන්නේ නැත.

මෙවැනි සිදුවීම් පොලීසිය පිළිබඳ ඇති ජනතා අප්‍රසාදය තවතවත් ඇතිකරනවා විනා පොලිසිය මහජන සේවයක් සිදු කරන බව නොපෙන්වයි.

මෙවැනි සිදුවීමකට පසු ජනතාව ඉදිරියට පැමිණෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වීරයෙකු ලෙස සිතා කුමන ප්‍රකාශයක් නිකුත් කලද අපට නම් පෙනෙන්නේ යට කලිසම ගෙදර අමතක වී පැමිණි බවකි.

නීතිය රැකිය යුත්තේ යුක්තිය ඉදිරියට ගෙන මිස කාගේ හෝ බලයකට යටත්ව නිවටකම් කිරීමෙන් නොවන බව මතක තබා ගත යුතුය.





Source link