October 27, 2021

Ada Rata

All news in one location

පොල් සඳහා වූ පාලන මිල ඉවතට


පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබුණේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ 2232/ 38 දරණ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.



Source link