October 19, 2021

Ada Rata

All news in one location

පොදුජන පෙරමුණේ මැදිහත්වීමෙන් පැය 48 කදී රටපුරා වාට්ටු 15 ක් ඉදිකිරීමේ දැවැන්ත මෙහෙයුමක් !



දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටිනවා. අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන්ට අවශ්‍ය රෝහල් පහසුකම් ලබාදීමේ ගැටලුවක් මතුව ඇති අතර මේ නිසා එම ආසාදිතයන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඇතැම් කොවිඩ් ආසාදිත පුද්ගලයන් දින 3-4 ඔවුන්ගේ නිවෙස්වලම රඳවා සිටී.

මීට පිළියමක් ලෙස කොවිඩ් ආසාදිතයන් බහුල ලෙස වාර්තා වන ප්‍රදේශවල රෝහල් 15 ක් ආශ්‍රිතව තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිරිකිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව පොදුජන පෙරමුණේ මැදිහත් වීම මත මෙම දැවැන්ත වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ඔවුන්ගේ අදහස වන්නේ පැය 48 ක් තුළ මෙම වාට්ටු සංකීර්ණ 15 ම ඉදිකර සෞඛ්‍ය බළධාරීන් වෙත ලබාදීමයි.

රෝහල් ආසන්නයේ තාවකාලික ගොඩනැගිලි මත මෙම වාට්ටු ඉදි කරන අතර එක් වාට්ටුවක් ඇඳන් 50 කින් සමන්විත වේ. තාවකාලික වාට්ටු ලෙස ඉදිකළද රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් මෙම වාට්ටු සංකීර්ණ සමන්විත වේ.

රෝග ලක්ෂණ නොපෙන්වන හෝ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත රෝගීන් මෙම වාට්ටු සංකීර්ණවලට ඇතුළත් කිරීමට නියමිත අතර හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් අදාල රෝගියා රෝහල්ගත කිරීමේ අවස්ථාව මේ නිසා උදා වේ.

වතුපිටිවල මූලික රෝහල, කහවත්ත මූලික රෝහල, මීරිගම මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, දඹදෙනිය මහ‍ රෝහල, අම්බලන්ගොඩ දිසා‍ රෝහල, නාගොඩ ජාතික රෝහල, කොස්ගම දිසා‍ රෝහල, පිඹුර දිසා රෝහල, කඩුවෙල නවගමුව දිසා රෝහල, මාතර කොටවිල දිසා රෝහල, මුල්ලේරියාව ශික්ෂණ රෝහල, පානදුර මූලික රෝහල සහ තවත් ප්‍රාදේශීය රෝහල් දෙකක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

චීනයේ දැවැන්ත ලෙස ‍කොවිඩ් වසංගතය පැතිර ගිය අවස්ථාවේදී එරට බළධාරීන් මෙවැනි තාවකාලික රෝහල් සංකීර්ණ කිහිපයක් ඉතා කෙටි කලකදී ඉදි කරමින් ලබාදුන් ආදර්ශනය අනුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේය.

මීට අමතරව කොවිඩ් ආසාදිතයන් රඳවා සිටින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා දින 10 කදී ඇඳන් 10,000 ක් සූදානම් කිරීමේ ව්‍යාපෘතියද මේ දිනවල ලහිලහියේ ක්‍රියාත්මක වේ.

UN




Source link