October 18, 2021

Ada Rata

All news in one location

පුහුණුකරු තනතුරකට ආරාධනාවක් නෑ




– 19 09 2021
– 16:04
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරකට නිලවශයෙන් මේ දක්වා කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස නැවත එක්නොවන බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (19) පැවසීය.

“කිසිම ආරාධනාවක් නෑ. මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ.”

නැවත ක්‍රීඩා කිරීමට පැමිණෙන්නේදැයි විමසූ විට ඔහු පැවැසුවේ එවැනි අදහසක් තමන්ට නොමැති බවයි.

“පිස්සුද, නැවත ක්‍රීඩා කරන්න. මම ඔයවගේ වැඩකරන්නේ නෑ කියලා දන්නවනේ.  පුහුණුකරු තනතුරක් වුණත් බලන්න ඕනේ. ඔබ මාධ්‍යවේදියකු වුණත් ඔබට මාධ්‍යවේදියකු ලෙස තරුණයෙක් පුහුණු කරන්න දුන්නොත් ඔබටත් යම්කිසි කාලයක් ඕනෙ ඔහුව පුහුණු කරන්න. මටත් ඒ වගේ තමයි.

මටත් පන්දු යවන්නන් පුහුණු කරන්න කාලයක් ඕන. ලැබෙන කාලය අනුව එවැනි ආරාධනාවක් ආවොත් සළකා බලනවා” යැයි මාලිංග වැඩි දුරටත් පැවසීය. 

මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ නම් එය වඩාත් හොඳ යැයි තමන් සිතන බව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

යොහාන් භාසුර





Source link