October 19, 2021

Ada Rata

All news in one location

පුද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න දෙන ක‍්‍රමය මෙන්න..


May 15, 2021 at 11:20 am |

පුද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න දෙන ක‍්‍රමය මෙන්න..

කොරෝනා වෛරසය සඳහා දැනට භාවිතා කරන එන්නත් පුද්ගලික අංශයට ගෙන්වීමේ හැකියාවක් මෙතෙක් උදා වී නැත.

ඊට හේතු වී ඇත්තේතේ එන්නත් නිෂ්පාදකයන් විසින් රජයන්ට හැර පෞද්ගලික අංශයට මෙතෙක් එන්නත් ලබා දීමට තීරණයක් ගෙන නැති වීමය.

එන්නත් සදහා රාජ්‍ය මට්ටමින් ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර නිෂ්පාදකයන් විසින් ගෙන ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් අප වෙත කියා සිටියේය.

නිෂ්පාදකයන් විසින් සිය ස්ථාවරයන් ඉදිරියේදී වෙනස් කළහොත් පෞද්ගලික අංශයට එන්නත ගෙන්වීමට අවසර දීම ගැන සලකා බැලිය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

16,898 views



Source link