November 29, 2021

Ada Rata

All news in one location

පුංචි රටක්…… පුංචි ආර්ථිකයක් ……. ඒත් එන්නත් මාත්‍රා තුනක්…….



කොරෝනා මර්ධන එන්නත් තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු  මේ වනවිටත් සූදානම් කර ඇත.වයස අවුරුදු  30ට වැඩි පිරිස් එන්නත්කරණය 100% ක් සම්පූර්ණ කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

නොවැම්බර් පළමු වන දා සිට සෞඛ්‍ය අංශයේ පෙරමුණේ සිටින පිරිස , ආරක්ෂක අංශයේ පිරිස ලෙස කාණ්ඩ වශයෙන් , ඉදිරි මාස දෙක ඇතුලත එන්නත්කරණයේ තෙවන මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වරයා පවසයි.

පුංචි ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව කිසිදු අයකිරීමකින් තොරව කොවිඩ් මාත්‍රා තුනම ලබා දීම පිළිබඳ ලාංකික පුරවැසියන් ලෙස වත්මන් රජයට  හදවතින්ම ස්තූති විය යුතුය.

බොහෝ රටවල් යම් මුදලක් අය කිරීමෙන් මෙම එන්නත ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විශ්ව විද්‍යාල  සිසුන් 90% ක් ම මේ වනවිට එන්නත්කරණය කර අවසන් බැවින් , නොවැම්බර් 01 වනදා සිට අධ්‍යන කටයුතු ආරම්භ කරන බවට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්‍ය සම්පත් අමුණුගම මහතා පවසයි . මෙම සිසුන් හට බූස්ටර් එන්නත ලබාදීමටද  තීරණය කර ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇත.

මේ අතර රජයේ පාසල් වල සා.පෙළ සිසුන්ට මෙන්ම , ජාත්‍යන්තර පාසල් වල අවසාන ශ්‍රේණියේ සිසුන් හටද එන්නත්කරණය ආරම්භ කර ඇත.

මේ අනුව කොරෝනා සැඬ පහරට හසුවී ගසාගෙන යන ලෝකයේ දැවැන්ත රටවල් එල්ලෙන්නට පිදුරු ගසක් හෝ සොයද්දී , දැවැන්ත රටවල් අභියස කුහුඹුවකු බඳු ශ්‍රී ලංකාව කොරෝනාවට මුහුණ දුන් ආකාරය සහ එන්නත්කරණයෙහි වේගවත් බව මුලු ලෝකයටම ආදර්ශයක්.

ඇතැම් දේශපාලනීකරණය වූ සුලුතරයක් පිරිසට මෙය ඉතා සරල හා සාමාන්‍ය කාර්‍යක් ලෙස හුවා දක්වමින් වත්මන් නායකත්වයට  සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අවතක්සේරුවන ආකාරයෙන් හැසිරුණද , තෙවැනි මාත්‍රාවක් නොව පළමු මාත්‍රාවද ලබා ගැනීමට බොහෝ දුක් විදිනා පිරිසක් තවමත් ලොව බොහෝ රටවල් වල සිටිනා බව, දේශපාලන කඩතුරාවෙන් මිදී එලියට ආ දිනක වැටහේවි.

ගැරහීමට පෙර ගෞරව කිරීමට පුරුදු වෙමු.~

රෂිකා සඳමාලි හෙන්නායක – Facebook
Sponsored Article




Source link