October 28, 2021

Ada Rata

All news in one location

පිළියන්දල තත්ත්වයට වගකියන්න ඕන නිළධාරින් – ඇමති ගාමිණි ලොකුගේ


පිළියන්දල ප්‍රදේශයේ ලොක්ඩවුන් කිරීම ඉවත්කිරීමට තමන් කිසිසේත් බලපෑම් නොකළ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා. ඒ මහතා කියා සිටින්නේ තමා කරුණු දැක්වීමක් පමණක් කළ බවයි. ලොක්ඩවුන් කිරීම ඉවත්කිරීමට තීරණ ගැනීමට තමන්ට බලයක් නොමැති බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ තීරණ ගත යුතු බවත් ලොක්ඩවුන් කිරීම ඉවත්කිරීමට හැකියාවක් නොමැතිනම් ඒ පිළිබඳ දැන්වීම බලධාරීන්ගේ යුතුකමක් බවත් ඇමතිවරයා කියා සිටිනවා.

පිළියන්දල ප්‍රදේශයේ සිදුවන මරණ සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නැති බවත් ඒ සඳහා පත් කළ නිළධාරින් වගකිවයුතු බවත් පවසන ඇමතිවරයා,මට ලොක්ඩවුන් කිරීම ඉවත්කිරීමට බලයක් නැති බවත් ඒ මහතා පවසනවා.

මේ අතර අද (09) දිනයේ පමණක් පිළියන්දල පොදු වෙළඳපොලෙන් කොරෝනා රෝගීන් 101 වාර්තා වී තිබෙනවා.





Source link