October 18, 2021

Ada Rata

All news in one location

පිළියන්දල ඊයේත් සියල්ලටම ඉහළින් ! ආසාදිතයන් 360 ක් !



මෙතෙක් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ඊයේ දිනයේදී පළමුවරට ආසාදිතයන් 2500 ඉක්මවා ගිය අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 755 කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 323 ක්, කළුතර 234 ක්, ගාල්ල 228 ක්, රත්නපුර 192 ක්, මහනුවර 127 ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වන දිස්ත්‍රික්ක වේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ, හුදෙකලා කර පැය 24 ක් යාමට මත්තෙන් හුදෙකලා සීමා ඉවත් කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයෙනි. පිළියන්දලින් ඊයේ ආසාදිතයන් 180 ක් වාර්තා වී ඇති අතර කැස්බෑවෙන්ද ආසාදිතයන් 180 ක් වාර්තා වී තිබෙනවා.

දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව වෙනත් කිසිදු ප්‍රදේශය‍කින් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී නොමැති වීමද විශේෂත්වයකි.

බරපතල අවදානමක් නොමැති බව පැවසූ පිළියන්දල පොදු වෙළඳ සංකීර්ණයද සම්පූර්ණයෙන් වසා දැමීමට ඊයේ දිනයේදී පියවර ගෙන තිබිණි. එම ස්ථානය ආශ්‍රිතව අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වී තිබුණේ.

UN




Source link