October 27, 2021

Ada Rata

All news in one location

පිස්සුද ලොහාන් ඔච්චර පොඩි දේකට ඉල්ලා අස්වෙන්නේ ??



වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර දෙකේ සිදුවුණු සිද්ධි දෙකකට අදාළව ලොහාන් රත්තවත්තේ ඇමතිතුමා ඉල්ලා අස්වෙලා තියෙනවා. මේකට බොහෝ දෙනෙක් “හොඳ වැඩේ” කියද්දී අපි නම් කියන්නේ අපරාදේ ඉල්ලා අස්වුණේ කියලායි. ඒකට හේතු දෙකක් තියෙනවා. 

මුලින්ම අපි මෙතන වෙච්ච සිද්ධිය තේරුම් ගන්න පොඩි උපකල්පනයක් කරලා බලමුකෝ. ලොහාන් ඇමතිතුමා යාළුවොත් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක ඔය අතරින් කවුරුහරි කියන්න ඇති “අපටත් යාළුවෙක් ඉන්නවා, මහලොකු බන්ධනාගාර ඇමති. ඒ වුණාට සත පහක වැඩක් නෑ, මෙච්චරකල් හිටියා අපට එල්ලුම් ගහවත් පෙන්නුවෙ නෑනෙ” කියලා. වැඩේ පොඩ්ඩක් රත් වෙවී යන අස්සෙ යාළුවො දිගටම කොචෝක් දාන්න ඇති “මෙයා බයයි, මෙයා බයයි. කයිවාරු ගැහුවාට මෙයාට මේ වෙලාවෙ වැලිකඩ බන්ධනාගාරෙට අපිව එක්කන් යන්න බෑ. මෙයාගෙත් කයිවාරු විතරයි” කියලා. අන්තිමේ ඉතිං යකෝ මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ඇමති කෙනෙක් හැටියට මට යාළුවො ඉස්සරහා වුණත් මෙච්චර සකන්ඩ් වෙන්න බෑනෙ කියලා ලොහානුත් “ආහ්, ඒමද හිතන්නෙ ? වරෙල්ලා යන්ඩ එල්ලුං ගහ පෙන්නන්ඩ” කියලා එක්කන් යන්න ඇති. 

ඉතිං ඉල්ලා අස්වීම හොඳ නැති වෙන්න පළවෙනි හේතුව වෙන්නෙ මේකෙන් ඊළඟට එන කවුරු නමුත් ඇමතිවරයාට මාර ප්‍රශ්නයක් වෙන නිසා. ඒ එන ඇමතිතුමා කවුරු වුණත් එතුමාගෙත් යාළුවො, යාළුවියො, පවුලෙ අය, රූප සුන්දරියො එහෙම සෙට් වෙච්චි වෙලාවෙ ඉඳන් කියන්න ගනීවි “මෙයාට තමයි අපිව එල්ලුම් ගහ පෙන්නන්න එක්කං යන්න බැරි. අන්න ඒකට ලොහාන්. අන්න මිනිස්සු ! අස්වෙන්න වුණත් බය නැතුව යාළුවොන්ව එක්කන් ගියානේ” කියලා. එහෙම වුණාම ඒ මනුස්සයා පුදුමාකාර අමාරුවකට වැටෙන්න නියමිතයි. 

දෙවැනි හේතුව තමයි වැදගත්ම එක. ඒ කියන්නෙ ලොහාන් මේ වැඩේ කළාට මොකද බාගෙටනෙ කරලා තියෙන්නෙ. ඉතිං ඇමතිකම දිගටම තිබුණා නම් ලොහාන්ට මේ වැඩේ හොඳටම කරන්න තිබුණා. ඒ කිව්වෙ ඊළඟ පාරත් සෙට් වෙලා ඔය යාළුවො ටිකත් එක්කම වැලිකඩට මහරෑක ගිහින් ඔය එල්ලුම් ගහ වැඩ කරනවාද කියලාත් ටෙස්ට් කරලා බලන්න තිබුණා. අවුරුදු බරගාණකින් පාවිච්චි කරපු නැති එකේ ඕක දැන් වැඩ කරන්නෙ නැද්ද දන්නෙත් නෑනෙ. ඉතිං හොඳටම ගසපු යාළුවොන්ගෙන් එකෙක් එල්ලුම් ගහේ ලීවරේ ළඟ හිටවලා ඇමතිතුමාට ගිහින් තොණ්ඩුව බෙල්ලෙ දාගෙන “ඔන්න ඕක ඇදහං වැඩ කරනවාද බලන්න” කියලාත් කියන්නයි තිබ්බෙ. එතකල් ඉල්ලා අස්වෙච්චි එක අපරාදෙ …. 




Source link