November 29, 2021

Ada Rata

All news in one location

පිස්තෝල නගරාධිපති,පාතාලය සහ කොල්ලුපිටිය පොලීසිය එක්ව ඉඩම් කොල්ලයක?(VIDEO)



ජනාධිපතිගේ සහ අගමැතිගේ නම් භාවිතා කරමින්  හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු  විසින් යොදවන ලද මැර පිරිසක් විසින් තමන්ට පහර දී තමන්ගේ ඉඩම කොල්ලකෑමට උත්සහයක් පවතින බවට තුවාන් අසන්  සලීම් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (15) ගෝල්ෆේස් උද්ඝෝෂණ මධ්‍යස්ථානය පැමිණ විරෝධතාවක් පවත්වමින් මාධ්‍ය වෙත කියා සිටියේය.

කොල්ලුපිටිය මරීනා බීච් හෝටලය අසල ඉඩම තමන්ගේ වන අතර එම ස්ථානයට පසුගිය දා පැමිණි මැර කණ්ඩායමක් තමන්ට මෙන්ම තමන්ගේ දරුවන්ටද පහර දී මහමඟට අද දැමූ බවටයි  සලීම් මහතා ප්‍රකාශ කළේ.

පහර දීමට නගරාධිපතිවරයා නොපමිනුණ ද පැමිණි මැර කණ්ඩායම පවසා ඇත්තේ ඔවුන් එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා විසින් යොදවන ලද පිරිසක් බවයි.

මෙම ඉඩම් මංකොල්ලය සිදුකරන්නේ  මොහොමඩ් සිද්ධික් මොහොමඩ් ෂෙයික් නැමැත්තෙක් හරහා වන අතර තමන්ට වූ අසාධාරණය ගැන කොල්ලුපිටිය පොලීසියට පැමිණිලි කළද ඉන් තමන්ට සහයක් නොලැබුණු අතර පොලීසියේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුද සහය දක්වන්නේ තමන්ට එරෙහි පාර්ශවයට බවයි සලීම් මහතා පැවසුවේ.

මේ වන විට තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන ජනාධිපතිතුමන් වෙත දැනුවත් කිරීම සඳහා මෙලෙස සිය දරු පවුලද සමඟ උද්ඝෝෂණ ස්ථානයට පැමිණ මෙලෙස විරෝධය දක්වන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ ඉඩම තමන්ගේ බවට සනාථ කිරීම සඳහා සියලුම ලේඛන තමන් සතුව පවතින බවද ඔහු පැවසුවේය.

ASK 

 




Source link