October 25, 2021

Ada Rata

All news in one location

පිලියන්දල ලොක්ඩවුන් කැඩු ප‍්‍රථිඵල ජනතාව අත්විදිමින්.. ආසාදිතයන් පිරී ඉතිරී යමින්…


May 15, 2021 at 4:40 pm |

කොරෝනා මර්දන ක්‍රියාවලිය සඳහා විද්‍යාත්මක පදනමකින් ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙනත් බලපෑම් නිසා වෙනස් කිරීමේ ප්‍රතිඵල දැන් පිලියන්දල ජනතාව අත්විඳිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ තාක්ෂණික තීන්දුවක් වෙනස් කිරීම කිසි ලෙසකින්වත් යෝග්‍ය නොවන බවත් එය ජනතාවට කරන අසාධාරණයක් බවත්ය.

ඊයේ දිනයේදීද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වන 126 දෙනකු වාර්තා වී ඇත්තේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙනි.

ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සදහන් කරන්නේ අද වන විට තත්වය අනුව දිස්ත‍්‍රික්කයම වසා දැමුවද පිලියන්දල බේරා ගැනීමට නොහැකි තත්වයේ ඇති බවය.

292 views



Source link