October 28, 2021

Ada Rata

All news in one location

පිටකොටුවේ වෙළෙඳුන් දෙදෙනාට ඇප | Colombo Times


නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පිටකොටුවේ වෙළෙඳුන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා.

මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන ලෙස බලකරමින් ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ(19) විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

එම සැකකරුවන් දෙදෙනා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින් නිරෝධායන නීතියට පටහැනි ආකාරයට එම උද්ඝෝෂණය සිදුකළ බවත් එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝදායන නීතිය උල්ලංඝනය නොවන ආකාරයට උද්ඝෝෂණය පැවැත් වූ බව සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. (colombotimes.lk)

Viber



Source link