December 5, 2021

Ada Rata

All news in one location

පැය 7කට පසු සිරිල් ගාමිණි පියතුමන් CIDයෙන් පිටව යයි


පැය 7 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් පසු සිරිල් ගාමිණි පියතුමන් අද සවස ඉන් පිටව ගොස් තිබෙනවා.

හෙට දිනයේදී ද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස පියතුමාට දැනුම් දී ඇති බවයි වාර්තා වනුයේ.

සිරිල් ගාමිණි පියතුමන් හට අද(15) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමටයි.

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පසුගිය මාසයේ දී එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. (colombotimes.lk)

Viber



Source link