October 19, 2021

Ada Rata

All news in one location

“පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන්” – පොලීසිය


පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් කර තිබෙන බව පොලීසිය පවසනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසීය සඳහන් කළේ.

ඒ අතරින් පුද්ගලයින් 83 දෙනෙකුගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව, 227 ක්.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට ලබන ජූලි මාසය වන විට නඩු පැවරීමට හැකිවනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පැවැත්වුණ විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න…(colombotimes.lk)



Source link