October 25, 2021

Ada Rata

All news in one location

පාසල් වසා තිබියදී සේවා ගාස්තු අය කිරීම අසාධාරණයි



පසුගිය වසරේ සහ මෙම වසරේ ගත වූ මාස 06 තුළ වැඩි කාලයක් පාසල් වසා දමා තිබියදී පහසුකම් ‍හා සේවා ගාස්තු ඇතුළු විවිධ අයකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළකරනවා.

පාසල් බොහෝ සංඛ්‍යාවක් පසුගිය වසරේදී මෙම ගාස්තු අයකර ඇති බවත්, මෙම වසරේදීද ගාස්තු අයකිරීමට සූදානම් වන බවත් පෙන්වා දෙන ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතල ලෙස පීඩාවට පත්ව සිටින පවුල්වලට මෙවැනි ආකාරයෙන් තවත් බර පැටවීම බලවත් අසාධාරණයක් බවයි.

පාසල් නඩත්තු කිරීමේ බරපැන දැරීම වගකීම අධ්‍යාපන බළධාරීන් විසින් චක්‍රලේඛ හරහා විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බවත්, ඒ අනුව අධ්‍යාපන බළධාරීන්ගේද දැනුවත්භාවය මත මෙම පහසුකම් හා සේවා ගාස්තු අයකිරීම සිදුවන බවත් එම සංගමය පවසනවා.

මිලියන 4 කට අධික මෙරට පාසල් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික මට්ටමින් කිසිදු වැඩපිළිවෙලක් සකස් කිරීමට අසමත් වී ඇති බළධාරීන් අවම තරමින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය පෞද්ගලික මුදල් පවා වැයකර දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිසු දරුවන්ට අධ්‍යාපනයට ලබාදීමට වෙහෙසෙන ගුරුවරුන්ට හෝ පහසුකම් සැළසීමට අසමත් වී ඇති බවද ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

UN




Source link