December 4, 2021

Ada Rata

All news in one location

පාසල් නිම විමෙන් පසු ගුරුවරු කරපු දේ


විදුහල්පති ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසට බල කරමින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පාසල් නිම විමෙන් පසු අද (09) දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.

මල්ලිඅප්පුව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පෙළපාලියකින් හැටන් නගර මධ්‍යයට පැමිණ නගර මධ්‍යයේදිද උද්ඝෝෂණයේ නිරත වුණා.

හැටන් කලාපයේ ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත පාසල් වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් රැසක් උද්ඝෝෂණයට සහභාගි වි සිටියා.

උද්ඝෝෂණයේ නිරතව සිටි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කියා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කර එකවර තම හිග දිමනාව ලබාදිමට රජය පියවර ගත යුතු බවයි.

එමෙන්ම කොළඹ පුරහල ප්‍රදේශය අවට අද පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මෙයට හේතුව ගුරු-විදුහල්පති විරෝධතාවයක් වන අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත්නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය පවත්වා තිබෙනවා.(colombotimes.lk)

Viber



Source link