November 29, 2021

Ada Rata

All news in one location

පාසල් දරුවන්ට වියලි ආහාර සහිත පෝෂණ මල්ලක්


“සියල්ලටම පෙර දරුවන්” යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමගාමිව පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා වියලි ආහාර සහිත පෝෂණ මල්ලක් පිරිනැමීමේ ජාතික වැඩසටහන ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.

ඒ අනූව කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 301ක දුවාදරුවන් 41,679ක් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවනු ඇති.

දිවයින පුරා පාසල් 7,926ක දිවා ආහාර වේල හිමි දුවාදරුවන් 1,081,927ක් සදහා රුපියල් මිලියන 1,229ක වියදමකින් යුතුව වියලි සලාක ලබාදීමේ වැඩසටහන මෙලෙස ක්‍රියාත්මක වනවා.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන මෙහෙයවනු ලබනවා.

2021 ඔක්තෝබර් මස 17 වන දින බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ වැඩසටහනේදී සංකේතාත්මකව වියලි සලාක සහිත බඩු මලු ප්‍රදානය වූ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මීට අදාල උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්වුණා.
(colombotimes.lk)

Viber



Source link