October 18, 2021

Ada Rata

All news in one location

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලෝක නායකයින් එකතු විය යුතුයි- මලලා යුසුෆ්සායි


කාබුල් නුවර ද්විතිය පාසැලක් අසල සිදු වූ පිපිරීමෙන් 60 දෙනෙකුට අධික පරිසක් මරුමුවට පත් වී තිබෙනවා.මියගිය පිරිස අතර බහුතරය ගැහැණු ළමුන් වන අතර පාසලෙන් පිටතට පැමිණෙන විට මෙම පිපිරිම සිදු වී තිබෙනවා.මිය ගිය පිරිස් වල අවසන් කටයුතු සිදු කිරීම සිදුවන් අතර තවදුරටත් සොයාගත් නොහැකි දරුවන් සොයා මෙහෙයුම් සිදුවනවා.මෙහිදී පිපිරීම් ත්‍රිත්වයක් සිදු වී ඇති අතර ඒවා බොහෝ දුරට කාර් බෝම්බ විය හැකි බවට සැක කෙරෙනවා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන් රජය මේ පිළිබඳව තලෙයිබාන් කැරලිකරුවන් ට චෝදනා එල්ල කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුණා.සැප්තැම්බරයේ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමත් සමඟ යම් යම් සිදුවීම් වාර්තා වූ අතර ඇමෙරිකාවද මෙය දැඩි ලෙස විවේචනය කාර තිබුණා.ප්‍රහ්රයේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිළි නැති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කෙරෙනවා.කෙසේ වෙතත් ජනධිපති අෂ්රෆ් ගානී ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්වදේශික හමුදාවට පවතින විශ්වාසය ගැන මිට පෙර මත පල කල තිබුනා.
මෙවනිම සිදුවීමක් 2016 අගෝස්තු 15 වන දින “ද ප්රොමිස්ඩ් මෙහඩි” නම් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදේශයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබුණා. එය විශ්ව විද්‍යාලයට සූදානම් වෙමින් සිටි “හසාරා” ජනවාර්ගික කණ්ඩායමේ සිසුන් 5,000 ක් පමණ ඉදිරියේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය විය. එම ප්‍රහාරයෙන් සිසුන් 34 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලැබූ අතර එහි බහුතර ෂියා ජනගහනයක් සහිත දිස්ත්‍රික්කයක් නිසා අන්තවාදී සුන්නි මිලිටරි ප්‍රහාරයක් එල්ල වී තිබුනා.

In Kabul, terrorists committed a horrendous attack on school children, most of them girls. The escalation of terrorism is alarming for peace and democracy in Afghanistan. World leaders must unite to safeguard school-children. My heart is with the #Kabul school victims’ families.
— Malala (@Malala) May 9, 2021

2012 දී තලෙයිබාන් ප්‍රහාරයකට ලක් වූ “මලලා යුසුෆ්සායි” මෙම ප්‍රහාරය ම්ලේච්ජ බිහිසුණු ප්‍රහාරයක් ලෙස දක්වා තිබු අතර ඇය සිටින්නේ මිය ගිය ගැහැණු දරුවන්ගේ දෙමව්පියන් සමග බව ද ට්විටර් පණිවිඩයක් මගින් දක්වා තිබුණ.





Source link