January 24, 2022

Ada Rata

All news in one location

පාවෙන අවි ගබඩා නඩුව ගාල්ල උසාවියේ අවසන් කරයි


ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු MV මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කර තිබෙනවා.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවයි.

මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවයි එහිදී ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.

සියලු කරුණු සලකා බැලූ‍ මහේස්ත‍්‍රාත්වරිය නඩු කටයුත්ත අවසන් කිරිමට තිරණය කොට ඡායා පිටපත් තබාගෙන මුල් ලේඛන මුදා හැරිමටද නියෝග කළා.

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු MV මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම විසින් කන්ටේනර් විසි දෙකක ගබඩා කර තිබු මෙම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුන තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් එය 2015 ජනවාරි 18වනදින අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා.

එහිදි කරන ලද විමර්ශන අනුව කන්ටේනර් 22ක තිබි ටී.56 ගිනි අවි,මැෂින් තුවක්කු, 84එස්.රයිෆල්,ඇතුලූ‍ ආයුධ 3000කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබුණා.

පසුව මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවු අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයිම සඳහා ඇවන්ගාඞ් සමාගම විසින් මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවයි.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq