October 17, 2021

Ada Rata

All news in one location

පාලනයෙන් ගිලිහුණු චීන රොකට්ටුවේ කඩා වැටීම සජීවීව මෙතැනින් බලන්න 📹


පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.

සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාවෙමින් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකින්.

කෙසේ වෙතත් මෙම චීන රොකට් කැබැල්ල පෘතුවියට කඩා වැටීමේ අවස්ථාව SkyRobot නම් YouTube චැනලය හරහා සජීවීව විසුරුවා හැරෙනවා.

එම අවස්ථාව පහතින්…(Colombo Times)

https://www.youtube.com/watch?v=29HGFep3Zek

සබැඳි පුවත



Source link