December 4, 2021

Ada Rata

All news in one location

ප්‍රසිද්ධියේ රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කළ සුරූපී ගායන ශිල්පිනියට වැඩ වරදින ළකුණු


ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බ්‍රාස් ඒජන්ට් (Brass Against) සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්‍රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කිරීමේ සිද්ධිය, මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.සොෆියා උරිස්ටා නම් මෙම ගායන ශිල්පිනිය “මට මුත්‍රා කරන්න ඕනේ… මට නාන කාමරයට යන්න බැහැ..” යැයි පවසමින් හිතාමතා ප්‍රේක්ෂකයෙකු කැඳවා මුත්‍රා කර ඇති බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

අදාළ ප්‍රේක්ෂකයා සිය කැමැත්තෙන් මෙම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත්ව ඇති අතර, මෙම අශෝබන සිදුවීම බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන වල පටිගත වුණා.

කෙසේ වෙතත්, අදාළ සංගීත කණ්ඩායම මෙම සිදුවීම ගැන නිදහසට කරුණු කියමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

“අපි ඊයේ රාත්‍රීයේ ඉතා හොඳ කාලයක් ගත කළේ.. නමුත් අවාසනාවකට සොෆියා ඕනෑවට වඩා වැඩි වුණා. මේක කිසිම කෙනෙක් අපේක්ෂා නොකළ සිදුවීමක්. මින් ඉදිරියට අපේ ප්‍රසංගවලදී මෙවැනි සිදුවීම් දැක ගන්න නොලැබෙනු ඇති..”

කෙසේ වෙතත්, මෙම සිදුවීම ගැන පොලිස් පැමිණිල්ලක්ද ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

“පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයව ප්‍රසිද්ධියේ හෝ වෙනත් කෙනෙකුගේ පෞද්ගලික පරිශ්‍රයේදී අශෝබන ආකාරයෙන් නිරාවරණය කිරීම” ෆ්ලොරිඩාවේ නීති විරෝධි ක්‍රියාවක්.

මෙවැනි ක්‍රියාවකට වරදකරු වුවහොත් වසරක උපරිම සිරදඬුවමක් සහ ඩොලර් 1000ක දඩයක් නියම කළ හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

By Lakshan
විදෙස් මාධ්‍ය ඇසුරිනි.

සසැදි – ප්‍රසිද්ධ ගායිකාවක් රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

2

හම්මෝ !

1

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

3



Source link