October 27, 2021

Ada Rata

All news in one location

ප්‍රධාන බීම නිෂ්පාදන සමාගම් තුනකට පරිසර අමාත්‍යංශයෙන් දැනුම්දීමක්


ප්ලාස්ටික් පැණිබීම බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රියකරණය වැඩ පිළිවෙළක් සති දෙකක් තුළ සකස් කරන ලෙස පරිසර අමාත්‍යංශය විසින් ප්‍රධාන බීම නිෂ්පාදන සමාගම් තුනකට දැනුම් දී තිබෙනවා.

මෙම සමාගම් ආරම්භ කළ මුල් අවස්ථාවේ සිට වීදුරු බෝතල් යොදා ගනිමින් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර ඇතත් වර්තමානය වනවිට අදාල සමාගම් තුනම පරිසර හානියට තුඩු දෙන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතත් සියයට 10 ක හෝ ප්‍රතිචක්‍රියකරණයක් සිදු නොවන බවද පරිසර අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමේ වැඩ පිළිවෙලේ මීළඟ ලැයිස්තුවට ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කර ඇති නමුත් සති දෙකක් තුළ ප්‍රතිචක්‍රියකරණය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් යෝජනා නොකරන්නේ නම්, ඒවා ද තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා. (colombotimes.lk)



Source link