November 29, 2021

Ada Rata

All news in one location

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

මේ අතර දිස්ත්‍රික් 10 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟා ද මහ ඔය සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පැවති ගංවතුර තත්ත්වයන් පහව යමින් පවතිනවා.

අදාළ ගංඟා අවට පහත්බිම් රැසක ගංවතුර මේ වනවිට බැසයමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. (colombotimes.lk)

The post ප්‍රදේශ කිහිපයකට අදත් වැසි appeared first on Colombo Times.



Source link