January 21, 2022

Ada Rata

All news in one location

ප්‍රජා පාදක පරිසර පද්ධති ව්‍යාපෘතියකට සැලසුම්


අනුරාධපුර මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ප්‍රජාපාදක පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘතියක් ඇරඹීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වනවා.

වනාන්තර, කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධ කළමනාකරණය යන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව මල්වතු ඔයේ ද්‍රෝණිය අවට පිහිටි ප්‍රදේශවන අනුරාධපුර, මන්නාරම, වව්නියාව, පුත්තලම දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ඇරඹීමට නියමිතයි.

Global Environment Facility මගින් මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 04ක මුදලක් ලබා දී ඇති බව සඳහන්.

ඒ, 2021-2024 දක්වා කාලය සඳහායි.

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මෙන්ම මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉළක්ක කරමින් මෙය ක්‍රියාත්මකයි.

ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති රැසක් ද මේ වනවිට ව්‍යාපෘතිය විසින් හඳුනාගෙන ඇති අතර සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඒ සඳහා තවත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වන නියමු භූ දර්ශ වන්නේ,

  1. ප්‍රතිලාබීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් ඝෘජු ප්‍රතිලාභීන් 240,000ක්.
  2. මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය සහ පහළ මඩුපාර සහ විල්පත්තු ජාතික වනෝද්‍යානය දක්වා.
  3. ඉහළ මල්වතුඔය ද්‍රෝණියේ පිහිටි මාමිණියා ඔය, ඉහළ කනදරා ඔය, ඉහළ වැලි ඔය හා පහළ වැලි ඔය (මිහින්තලේ සිට රිටිගල දක්වා).
  4. මල්වතු ඔයට මායිම්ව පිහිටි බූමි සහ යාබද මුහුදු තීරය,වංකාලෙයි, අරිප්පු, සහ සිලාවතුර කොරළ්පර , මන්නාරම් බොක්ක. (colombotimes.lk)
Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq