November 27, 2021

Ada Rata

All news in one location

පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි


අද (20) සවස 2.00න් පසු සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අද (20) උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියව පවතිනවා.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.



Source link