October 17, 2021

Ada Rata

All news in one location

පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට එරෙහිව එජාපයට වාරණ නියෝගයක්!



එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා පත් වූ මන්ත්‍රීවරුන් එම ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

හබරාදූව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වසන්ත මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබිණි. පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටින්නේ පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය දැක්වීමේ චෝදනාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට එජාප නායකයා ඇතුළු පිරිස කටයුතු කරන බවයි.

පෙත්සම් සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාල මන්ත්‍රීවරුන් ධුරවලින් ඉවත් කිරීම වළක්වාලමින්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

එමෙන්ම ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද එජාප නායකයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කර තිබෙනවා.

UN




Source link