October 19, 2021

Ada Rata

All news in one location

පළාත් අතර සංචරණය හෙටත් තහනම්


හෙට (21) උදෑසන 4ට සංචරණ සීමා ඉවත් කෙරුණ ද පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම ද එම කාලයේ දී තහනම් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් හෝ අනෙක් ආයතනවල සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාව පිළිබඳ අදාළ ආයතන බලධාරීන් විශේෂ අවදානයක් යොමු කළ යුතු අතර අදාළ ඉඩ ප්‍රමාණයට සරිලන පරිදි පමණක් පාරිභෝගිකයන් ඇතුලු කර ගත යුතු වනවා.

ඒ අනුව පාරිභෝගිකයන් ඇතුළුවන ස්ථාවල අත් පිරිසිදු කිරීමට පහසුකම් සලසා තිබිය යුතු අතර උෂ්ණත්වය මැන බැලීමට ද කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.(colombotimes.lk)



Source link