October 27, 2021

Ada Rata

All news in one location

පළාත් අතර සංචණයට බලපත්‍ර ඕන නෑ



කොරෝනා අවදානම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය තහනම් කර තිබෙනවා. කෙසේ නමුත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන්ට ඒ සඳහා අවසරය හිමි වේ.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය රාජකාරි පදනමින් පළාත් අතර ගමන් කරන පුද්ගලයන්ට ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.

පළාත් සීමාවන්හි මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අත්‍යවශ්‍ය පුද්ගලයන්ට සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ග බාධක හරහා ගමන් කිරීමේ අවස්ථාව ලබාදෙන බවත් අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර මහජන ඒකරාශී වීම් අවම කිරීම සඳහා සුපිරි වෙළඳසැල් ඇතුලු ව්‍යාපාරික ස්ථානවල ධාරිතාවය 25% කට සීමා කර තිබෙන බවද අජිත් රෝහණ මහතා පවසනවා. එම නියෝගය කඩ කරන පාරිභෝගිකයන්ට මෙන්ම අදාල ආයතනයේ ප්‍රධානීන්ටද එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

UN




Source link