December 4, 2021

Ada Rata

All news in one location

පළමුවරට දේශීයව එකලස් කරන ලද City Pik Up රථය වෙළඳපොළට


පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.

ඒ, මතුගම – වැලිපැන්නේ පිහිටි වාහන එකලස් කිරීමේ අංගනයේදීයි.

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලැස් කරන ලද ජීප් රථයක් වෙළදපොළට හදුන්වාදීම මෙහි විශේෂත්වය වනවා.

සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් SOP හඳුන්වාදීමත් සමඟ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ.

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන මහ මඟ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)

Viber



Source link