November 30, 2021

Ada Rata

All news in one location

පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමුණු මාර්ගයට විකල්ප මාර්ග මෙන්න


කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රී 10.00ට පහළ කඩුගන්නාවෙන් වූ මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසනවා.

අද (11) උදෑසන ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.

කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සඳහා විකල්ප මාර්ග

  1. අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
  2. කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
  3. මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
  4. මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොළ -පේරාදෙණිය මහනුවර

මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සඳහා විකල්ප මාර්ග

  1. කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා
  2. කටුගස්තොට-ගලගෙදර-රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹ
    (colombotimes.lk)
Viber



Source link