December 5, 2021

Ada Rata

All news in one location

පහනට තෙල් ජාතික ව්‍යාපාරයට සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්…


April 10, 2021 at 6:48 pm |

පහනට තෙල් ජාතික ව්‍යාපාරයට සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්…

පහනට තෙල් ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ එම සංවිධානය තමන් සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවට සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වන බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කරන ලෙස ද ඔහු එම පැමිණිල්ල මගින් ඉල්ලා සිටියි.

732 views



Source link